වෙඩි තැබීමකින් පසු පේදුරුතුඩුව උණුසුම් වෙයි


ඉන්දිකා රාමනායක
 
පේදුරුතුඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යෑමෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
 
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිසියෙන් බවට චෝදනා කරමින් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වට කර ගෙන සිටිති.
 
පොලිසිය කියනුයේ නීති විරෝධී වැලි ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි තබා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබේ.