පැපුවානිව්ගිනි අසල මුහුදේ ගිලෙමින් තිබූ නැවක සිටි 246 දෙනකු බේරා ගැනිමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලාංකික කපිතාන්වරයකුට වීරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මානයක් පිරි නමා ඇත. 2012 පෙබරවාරි 02 වැනි දා මුහුදේ ගිලිණු රාබවුල් ක්වීන් නැවේ සිටි පිරිස බේරා ගැනීමට වී. විදානගමගේ ඉදිරිපත් විම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමිණි. පුරා දෙදිනක් තිස්සේ පැවැති එම මෙහෙයුමට නැව් 12ක්, ගුවන් යානා 6ක් සහ හෙලිකොප්ටර් 03ක් යොදා ගැණිනි. “ අපි පිලිපීනය බලා යාත්‍රා කරමින් සිටිය දී අපේ ගමන් මග වෙනස් කර, ගිලිණු නැවේ සිටි පිරිස බේරා ගැනීමට අප සේවය කරන සමාගමේ අවසරය ලැබුණා. අපි විශිෂ්ට සේවයක් කළා ශ්‍රී ලාංකිකයකු ලෙස මට ගොඩාක් සතුටුයි. මෙම සම්මානය මගේ සමාගම, කාර්යය මණ්ඩරය, මම කළ සේවයට උපහාරයක් ලෙස මා පිළිගන්නාවා යැයි සම්මානය උළෙලෙන් පසු විදානගමගේ පැවැසීය.