ප‍්‍රසිද්ධ පාරවල මහජනතාව අපහසුවට පත්වන අයුරින් අයුරින් යන විරෝධතා පෙළපාලි විසුරුවා හැරීමට පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
නුගේගොඩ පදිංචි එස්.කේ. අතුකෝරළගේ මහතා සහ ඔහුගේ දියණිය විසින් ගොනුකර ඇති බව පෙත්සමෙහි වග උත්තර කරුවන් වශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 8 දෙනෙකු නම්කරනු ලැබ ඇත.