වී ඒ සුගතදාස සමරයි


එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රබල දේශපාලකයකු මෙන්ම හිටපු  ක්‍රීඩා අමාතයවරයකු වු වී ඒ. සුගතදාස මහතාගේ  40 වැනි  ගුණසමරුව  අදට යෙදි තිබිණි.

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්  හි පිහිටි ඒ මහතාගේ පිළිරුවට එක්සත්ජාතික පක්ෂ  නායක හා විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ  මහතා පුෂ්පෝහාර දැක්වීය.

උතුරු කොළඹ  එජාප සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක  මහතා  උත්සවය සංවිධානය කළේය.