( තිළිණි ද සිල්වා )
විදේශ අමාත්‍ය ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුවට පත් වුවද ,එලෙස බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ විදේශ අමාත්‍ය ධූරය මඟින් රටට ඉතා වගකීමකින් යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බව නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද (18) කොළඹ දී පැවසීය.
රටේ ප‍්‍රතිරූපය හා නියම තත්ත්වය ලෝකයාට හරියට කියා දීමට තමන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් වලට හිතකර සහ විදේශ ආයෝජකයින්ට සුදුසු රටක් බවට පත් කරලීමට කැපවී කටයුතු කරන බවත් නව විදේශ ඇමැති වැඩිදුරටත් සඳහන් කළේය.
ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේදී සිදු වූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නඩු විසඳීමක් මෙරට අධිකරණ පද්ධතිය තුළ කිසිසේත්ම සිදු නොකරන බව ද මාරපන මහතා කීවේය.
ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේදී සිදු වූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නඩු විසඳීමක් මෙරට අධිකරණ පද්ධතිය තුළ කිසිසේත්ම සිදු නොකරන බව ද මාරපන මහතා කීය.

