(දීපා අදිකාරි,ටී.කේ.ජි.කපිල)
රුපියල් විසි එක් ලක්ෂ තිස් දෙදහස් නමසිය පනස් පහක් වටිනා රන් කැබලි ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාව රැගෙන යාමට පැමිණි තරුණයන් සිව් දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 20, 23, 24 සහ 38 වියැති බව රේගුව කියයි. මොවුන්ගේ ශරීරයේ තිබී ඉවතට ගත් රන් කැබලි ගණන නවයකි. එහි බර ග්‍රෑම් 387.81 ක් බව රේගුව ගණන් බලා ඇත.
එක් අයකු ඉන්දියානු ජාතිකයෙක් වන අතර සෙස්සෝ ශ්‍රී ලාංකිකයෝ වෙති.
මේ පිළිබඳව රේගු පරික්ෂණය පැවැත් වූ නියෝජ්‍යය රේගු අධ්‍යක්ෂක ජී.ජී. ප්‍රේමසිරි මහතා එක් සැකකරුවකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කොට අදාල රන් කැබැලි රාජ සන්තක කිරීමට නියෝග කළේය.

