විසි එක් දරු මාතාවට ජනපති තිළිණයක්


දරුවන් විසිඑක් දෙනකු ඛිහි කැර ‘‘අභිමන් මාතා’’ සම්මාන ලැබූ ගොඩකවෙල  ඕපාත, වලේබඩ අසූ අට හැවිරිදි ඩබ්ලිව්.එම්. පොඩිනෝනා මාතාවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්  යැවුණු අවුරුදු මුදල් තිළිණය සබරගමු පළාත් සභාවේ සෞඛ්‍ය හා ඇමැති ප‍්‍රභාත් භාණු මුණිප‍්‍රිය මහතා ඇයට පිරිනැමීය. මෙම මවගේ දරුවන්ගෙන් දැනට ජිවතුන් අතර සිටිති න්නේ දහදෙනෙක් පමණි. පොඩිනෝනා මාතාවට මුණුපුරු මිනිපිරියෝ 41 දෙනෙක් සිටිති. මි මුණුපුරෝද සිටිති.