විස්සයි විස්ස ටිකට් සොරකම් කළැයි සුද්දා රිමාන්ඩ්


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ටිකට් තොගයක් කොළඹ කුරුඳුවත්තේ ස්ටැන්ලි විජේසුන්දර ටිකට් කවුන්ටරයෙන් සොරාගත්තැයි කියන බ්‍රිතාන්‍ය ජාතික මැංචෙස්ටර් හි පදිංචි බුලර් පිසාරෝ ඇන්ටෝනියෝ අඟහරුවාදා (2) වන තුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහාත නියෝග කෙළේය. සොරකම් කළැයි කියන ටිකට් 84ක් ද තවත් ටිකට් 19ක් ද ඔහු ළඟ තිබිණි. එම ටිකට් සැබෑ ටිකට් දැයි තහවුරුකර ගැනීමට නියමිතය.