විස්සයි 20 ලෝක ශූරයන්ට කෝටි 58 කට ත්‍යාගයක්


(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58 කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පවසයි.

එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8 ක් හෙවත් රුපියල් කෝටි 29 කට අධික ත්‍යාගයක් හිමි වන බව ද අයි.සී.සී. වැඩි දුරටත් සඳහන් කරයි.