විස්සයි 20 නිත්‍ය උපනායකයා මාලිංග


ශී‍්‍ර ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය උපනායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශී‍්‍ර ලංකා විස්සයි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී මැතිව්ස් මේබව ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත්, වේග පන්දු යවන ලසිත් මාලිංග මේමස 30 වැනිදා නවසීලන් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා විවේක ගන්වා ඇති බැවින් පල්ලෙකැලේ පැවැත්වෙන තරගය සඳහා නුවන් කුලසේකර උපනායකයා වශයෙන් පත් කරනු ලැබ ඇත. නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙදෙනාම විවේක ගන්වා ඇති අතර මෙම කී‍්‍රඩකයන් දෙදෙනාම ඉදිරි එක්දින තරඟ 5 සඳහාද කී‍්‍රඩා කිරීමට නියමිතය.