(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවට අද (22) ඉදිරිපත් කෙරුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පළාත් සභාවේ වැඩි ජන්ද දෙකකින් එකඟතාවය හිමිවිය.
ශ්‍රී ලංකාවේ පළාත් සභා නවය අතුරින් ප්‍රථම වරට එම කෙටුම්පත උතුරු මැද පළාත් සභාවට ඉදිරිපත් කෙරිණ.
ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතා වෙත එවා තිබු මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා විසින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විරෝධතා මත පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.
පනත් කෙටුම්පත සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක අනිල් රත්නායක මහතා ඊට එකඟතාවය ලබා දිය යුතු බවට කරුණු ඉදිරිපත් කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊට දැඩි විරෝධතාවය දැක්වීය.
පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ කැබිනට් ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මීට විරෝධය දක්වා තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාව මත ජන්දයකට බියෙන් මෙම පනත සම්මත කර ගැනීමට කටයුතු කරන බව කේ.එච්.නන්දසේන මහතා සභාවට කරුණු දක්වමින් පැවසීය.
පක්ෂව ජන්ද 15ක් හිමි වු අතර විපක්ෂව ජන්ද 13ක් ලැබුණි.වැඩි ජන්ද දෙකකින් කෙටුම්පත සම්මත වු අතර ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසට සභාපති ඩී.එම්.අමරතුංග මහතා නියම කළේය.

