(සිතුම් චතුරංග)
මේ ආණ්ඩුව යටතේ ද ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමට සිදුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළත් අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබාගැනීමට හැකිවි නැතැයි ද ඒ මහතා පවසයි.
අතුරුදන්වූවන්ගේ ගැටලුව ඇතුඵ උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාගැනීමේදී රජයට අවශ්‍ය කාලය ලබාදිය යුතු බවත් එසේ නොකළහොත් රජය ජනතාවගේ ගැටලු නොසලකා හැරීමේ තත්ත්වයකට පත්වනු ඇති බවත් ඒ මහතා කියයි.
“මේ පිළිබඳ ඉදිරියේදී දැඩිව කතාකර විසඳුමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.අතුරුදන්වූන්ගේ ප්‍රශ්නයේදී ස්ථීර විසදුම් ලබාගැනීම ගැටලුකාරී ක‍්‍රියාවලියක් වුවත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා අතුරුදන්වූවන්ට සිදුවූයේ කුමක්ද කියා අනිවාර්යයෙන් සොයාබැලිය යුතුයි. එය ඉටුකරන තෙක් අපි දැඩි තීරණයක ඉන්නවා.මේ රජය යටතේ ඇතැම් ගැටලු විසඳීමට උත්සහ කරන බව පෙනීයනවා. සමහර ගැටලු විසඳී ඇති අයුරු ගැන සැහීමකට පත්විය හැකියි.“යැයි ද විපක්ෂනායකවරයා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.එම සත්‍යග්‍රහය දින 143 ක් තිස්සේ පැවැත්වෙයි.

