විශ්වාස භංගයකට සූදානම් බව ඇමැති මුස්තාපා කියයි


තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවහොත් එයට මුහුණ දීමේ ශක්තිය තිබෙන බවත් විශ්වාසභංග වලට බය නොමැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.
 
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.
 
පළාත් පාලන ආයතන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කිරීම මේ වනවිට පාර්ලිමේන්තුව සතුව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
044