(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආහාර හිඟයක් ඇති වෙන්නේ නැතැයි කෘෂිකර්ම ඇමතිවරයා කියන අතර දෙවේලක් කන්නට සිදුවිය හැකි බව අගමැතිවරයා පවසන්නේ යැයි ද විශ්වාස කළ යුත්තේ මේ කතා දෙකෙන් කාගේ කතාව දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) ප්‍රශ්න කළේය.
ආහාර හිඟයක් ඇති වන බවට අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ කුමක්දැයි මුජිබර් රහුමාන් මහතා තවදුරටත් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:-
මමත් කියන්නේ අගමැති තුමා කියන දේ තමයි. ආහාර වල මිල වැඩියි. එය නවත්තන්නට අපට බැහැ. නමුත් කන්න නැතුව මිනිස්සුන්ට මැරෙන්න අප ඉඩ තියන්නේ නැහැ. කොහෙන් හරි ගෙනත් දෙන්න වෙනවා. පරිප්පු ගෙනත් දෙන්න වෙන්නේ කීයටද? මේ කියන්නේ ඒක තමයි. බඩු වල හිඟය නෙමෙයි වඩාත් තිබෙන්නේ. ආදායමේ ප්‍රශ්නය.මිරිස් ගහක් හෝ වගා කර ගන්නැයි අප කියන්නේ ඒකයි.
අපි හැමවිටම ඇත්ත තත්ත්වය රටට කිව්වා.එහි ප්‍රතිඵලය නරක විදියට නෙමෙයි හොඳ විදියට ජනතාව බාර ගත්තා.ජනතාව කුඹුරු වලට බැස්සා.යනුවෙන් ද මහින්ද අමරවීර මහතා කීය.