විශ්ව විද්‍යාල සිසුන් පිටුපස දේශපාලන පක්ෂයක්


(ඩයනා උදයංගනී)

බලයක් නැති දේශපාලන පක්‍ෂයක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන තරුණ අසහනයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව නීතිය,සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ශිෂ්‍යයන් ප‍්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා පොළඹවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය බවට හඳුනාගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඔවුන් අවුළුවන ගින්නට පිදුරු දමන්නට තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් ද එක්වී සිටින බව ද කියයි.

රත්නායක මහතා මේ බව පැවසුවේ ‘සිරිකොත’ එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.