ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවට තනිවම තරග කරන බවට එහි නායක ඇමැති විමල් වීරවංශ කියා තිබුණත් ඔහුගේ අපේක්ෂකයා වන පද්ම උදය ශාන්ත ගුණසේකර ගේ නම මොනරාගල සන්ධාන නාම යෝජනා ලැයිස්තුවට ඇතුළු කැර තිබිණි.එහෙත් ඔහුගේ පක්ෂය ජාතික නිදහස් පෙරමුණ බදුල්ලට තනිවම තරග කරයි.
ගුණසේකර වෙනුවට සන්ධානයෙන් නාම යෝජනා ලැබීමට නියමිතව සිටි බව කියන ඩබ්ලිව් ඒ උදය කුමාර අද(6) ස්වාධීන කණ්ඩායමකින් මොනරාගලට නාම යෝජනා භාර දුන්නේය.


