විපක්ෂය ආණ්ඩුවට කඩේ යනවා
ශ්‍රී ලංකාවේ හොඳ විපක්ෂයක් නැතැයිද ඇත්තේ රජයට යටත්වූ විපක්ෂයක් යැයිද ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමියෝ අනුරාධපුර සාරානන්ද පිරිවෙනේදී පැවැසූහ.
”විපක්ෂයක් නැති නිසා ජනතා දුක කියන්නට සිදුවී ඇත්තේ දෙවියනට පමණයි” හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතා පිළිගැනීම නිමිත්තෙන් මේ රැස්වීම පැවැත්විණි. එජාපයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, රංගේ බණ්ඩාර මහත්වරුද පැමිණ සිටියහ.
රට බාරදීම සඳහා බලවත් විපක්ෂයක් ඇවැසි යැයිද පොන්සේකා ඊට සුදුස්සෙකියිද ආනන්ද නා හිමියෝ කීහ.

