එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රිමාන්ඩ් කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් බව බිඳදමා ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද කීවේය.
මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කළ පරීක්ෂණ වාර්තාව අනුව ඒ ගනුදෙනුවෙන් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බව පැහැදිළි යැයි කී ප්‍රේමජයන්ත් මහතා හොරුන් යැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරන ආණ්ඩුවේ ලොකුම හොරා මහ බැංකුවේ සිටින බව ද පැවසීය.

