(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් පෙර කතානායකවරයාට භාර දී තිබේ.
එම ලිපියේ පිටපතක් කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය සදහා යොමු කර තිබෙන බව කතානායක කාර්යාලය පවසයි.
එම මන්ත‍්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකර විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසද කතානායකවරයා එම පක්‍ෂ මහලේකම්වරයාට දැනුම් දී ඇති බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ වන විට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දුන් පසුව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී විපක්‍ෂනායකවරයා කවුරුන්ද යන්න නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා දැනුම් දී තිබේ


