රාජකාරි වේලාව අවසානයේ විනෝදයට නැටුම් නටා හසුවූ බි‍්‍රතාන්‍යය පොලිස් පිරිසකට වැඩ වැරදී ඇත.
අන්තර්ජාලයට එක් කෙරී ඇති විීඩියෝවක මේ නිළධාරීන් පිරිස
භූගත රථ වාහන ගාලකදී නර්තනයේ යෙදෙන අයුරු දැක්වේ.
පාපැදි වල නැගී එහි මෙහි කැරකෙමින් ඔවුන් නර්තනයේ යෙදෙන අයුරු හාස්‍යජනක වුවත් ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ ඉහළ බළධරයින්ට නම් එහි ඇති හාස්‍යජනක බවක් පෙනී නොමැති සෙයකි.
මෙය මුළු මහත් පොලිස් සේවයේ ගරුත්වයටම නින්දාවක් යැයි ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ නිළධරයෙක් සදහන් කරයි.රාජකාරි අවසන්වී නම් කළ යුතුව තිබුනේ නිවෙස් බලා යාම විනා
මෙවන් විකාර නොකිරීම බව ඔහු පවසයි.
පොලිස් නිළධාරීන් හය දෙනෙකු නර්තනයේ යෙදී සිටිනු හදුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක්ද කි‍්‍රයාත්මකය. දැනටමත් ඔවුන් අතුරින් එක් අයකු සිද්ධිය නිසා ඇතිවූ කළකිරීමෙන් ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.