විනිසුරුවරුන් හදිසියේම කොළඹට


දිසා විනිසුරුවරුන් හා මහේස්ත‍්‍රාත්වරුන් සඳුදා කොළඹ හදිසි රැස්විමකට කැඳවා ඇතැයි දැන ගන්නට ඇත. නිවාඩු දිනයක් වුවත් අධිකරණ සේවා කොමිසම අද (ඉරිදා) වැඩ කළ බව ද දැනගන්නට ඇත. මේ අතර මෙම රැස්වීම නිසා අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවීමට ඉඩ ඇති බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාටද දන්වා ඇත. විනිසුරුවරුන්ගේ මෙම ක‍්‍රියාමාර්ගය නිසා නඩු කියන්නන් සහ සාක්කිකරුවන් ඇතුළු මහජනයා නිසැකවම දැඩි අපහසුතාවකට පත්වන බවත් එම ප‍්‍රමාදය හේතුවෙන් යුක්තිය පසිඳලීම පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත් ඇමැති කියා සිටී. ජනතාවගේ අයිතිය පිළිබඳව වගකීමක් ඇත්තවුන් මෙවැනි ක‍්‍රියාමාර්ග නොගත යුතු බව ඔහු පවසයි.