(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වෙයි.
යාපනය පොලීසිය, රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට අදාළ වෙඩි තැබීම කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇතැයි කියති.
වෙඩි තැබීම සිදු කළේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුලක් ඇති කරගෙන ඇති අතරම එම පුද්ගලයා බීමතින් සිට ඇති බවටද කරුනු අනාවරණය වී ඇත.
මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද යාපන පොලීසියට තොරතුරු ලැබී ඇත.

