විනිසුරු සංගමය හදිසියේ රැස්වේ


අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න  මහතාට එල්ල වූ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා  කිරීමට ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ මහ සභා රැස්වීමක් අඟහරුවාදා හදිසියේම කොළඹදී කැඳවීමට එහි විධායක කමිටුව තීරණය කරයි. ඒ අනුව සිය සංගමයේ සාමාජිකයින් වන දිවයින පුරා සිටින මහේස්ත‍්‍රාත්වරුන් අලූත්කඬේදී රැස්වෙනු ඇතැයි ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ ලේකම් ප‍්‍රදීප් ජයතිලක  පවසයි. සියලූම මහේස්ත‍්‍රාත් හා දිසා අධිකරණ රාජකාරියෙන් අඟහරුවාදා ඉවත්වීමට විනිසුරුවරු තීරණය කරති.