විනිසුරු ආබෘට එරෙහි පරීක්ෂණයේ වාර්තාවක් ඉල්ලයි


තම ආරක්ෂකයකු වූ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී මරණ තර්ජනය කළැයි අභියාචනාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාට එරෙහිව  කැර ඇති පැමිණිල්ල ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී ජේ.එන්.පී. ජයලත් මහතාට නියෝග කෙළේය. ප්‍රහාරයට ලක්වූයේ ගයාන් කුමාර හේරත් නම්  කොස්තාපල්වරයෙකි. විනිසුරු නිවෙසේ රාජකාරි කළ සෙසු පොලිස් කොස්තාපල්වරුනට ද ඔහු තර්ජනය කළැයි පැමිණිල්ලේ දැක්වෙයි.