විනිවිද පෙනෙන ඡන්ද පෙට්ටි මාතලේට


මෙවර පළාත් සභා මැතිවරණයේදි මාතලේ මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිතා කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ තේරිම් භාර නිලාධාරි හෙලන් මිගස්මුල්ල මහත්මිය පැවසුවාය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මෙම ඡන්ද පෙට්ටි භාවිතා කරන බවත් මාතලේ මහ නගර සභා බල ප්‍රදේශයේ මධ්‍යස්ථාන වල මෙම 21දින පාවිච්චි කිරිමට පියවර ගෙන ඇති බවද මිගස්මුල්ල මහත්මිය පැවසුවාය.

මාතලේ තේරිම් භාර නිලාධාරි හෙලන් මිගස්මුල්ල මහත්මිය හා සහකාර තේරිම් භාර නිලධාරි ශානික රුපසිංහ යන මහත්ම මහත්මින් ඡන්ද පෙට්ටි පරික්ෂා කළ අයුරු.