විනාඩි පහෙන් පිට්ටනිය
වසර තිහක් තිස්සේ ක‍්‍රිඩාපිටියක් නොමැති බදුල්ල භාරතී කනිටු විදුහලට විනාඩි පහෙන් ක‍්‍රිඩා පිටියක් ලබාදීමට ඌව පළාත් ක‍්‍රීඩා, විදුලිබල, කර්මාන්ත හා යෞවන කටයුතු ඇමැති සෙන්දිල් තොණ්ඩමන් මහතා කටයුතු කළේය.
විදුහලට ක‍්‍රීඩා උපකරණ බෙදාදීමට ගිය ඇමැතිවරයා පාසලට ක‍්‍රීඩා පිටියක් නැති බව අසා එවේලේම බැකෝ යන්ත‍්‍රයක් ගෙන්වා අසල රජයේ ඉඩම සමතලා කොට ක‍්‍රීඩාපිටිය ඉදිකිරීමේ කටයුතු ඇරැඹීය.

