ගම්පහ ගම් තුනක සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් තිස් එක් වසරක් තිස්සේ ආදර්ශමත් පවුල් සෞඛ්‍ය සේවාවක් ප‍්‍රදේශය තළ ඇති කළ පවුල් සෞඛ්‍ය සේවිකා කුසුමා රුපුනායක(57) මහත්මියට අද උපහාර පිදිණි.
ඇය තම රාජකිරිය කෙතරම් උනන්දුවෙන් කළාද කිවහොත් ප‍්‍රදේශයේ මාතෘ මරණ, බිලිඳු මරණ, අඩු බර දාරක උපත් කිසිවක් වාර්ථා වී නැති තරම්ය.
පොදු ප‍්‍රවාහන පහසුකම් පවා නොමැති ඉතා දුෂ්කර ගමක් වූ ගම්පහ කිරිකිත්ත ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් දෙකකුල් රිදෙන තුරු ගෙයින් ගෙට ගොස් ඇය කළ උදාර මෙහෙවර සහ කැපවීම උදෙසා මෙහිදී ඇයව සම්මානට පාත‍්‍ර විය.
ලොකු, පොඩි බේදයකින් තොරව ඇය ගෙයින් ගෙට ගොස් මව්වරුන්ට අවශ්‍ය උපදෙස් දුන්නා පමණක් නොව අදාල සායන වලට ඔවුන් යොමු කිරීමටද පියවර ගත්තාය.
කුඩා දරුවන් සඳහා එන්නත් ලබා දීමේදී මෙන්ම මව්වරුන්ගේ සායන දින නිතර නිතර මතක් තරමින් පවුල් 496 ක් සහ ඡුන්ද දායකයින් 4500 ක් ජීවත් වන විශාල ගම් ප‍්‍රදේශයක් ආවරණය කරමින් ජනාතව දැනුම්වත් කරමින් ඇය කල අමිල සේවය මිල කළ නොහැක.
ප්‍රදේශයේ බාල, මහළු කොයි කාගේත් ආදරයට, පැසසුමට ලක්වූ ඇය කරුණායන්ත හදවතක් සහ නිහතමාණීකම උපතින්ම උරුමවූ කාන්තාවකි. ඇය අද වසර 31 සේවයෙන් පසු විශ්‍රාම ගත්තාය.
ඇයට උපහාර දැක්වීම පිණිස ප්‍රදේශයේ කුඩා දරුවන්, මව්වරුන් මල් කිනිති රැගෙන කිරිකත්ත ගොවි සෙවනට පැමිණ සිටියහ. එහිදී ඇයව මල් දම් පළ ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
නැගෙනහිර කිරිකිත්ත ග‍්‍රාම සේවක ටී.ඩබ්ලිව් චන්ද්‍රදාස මහතා මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උපහාර උළෙලට මහර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සෝමවීර සෙනවිරත්න, කිරිකිත්ත සිරිලිය කාන්තා සමිතිය, ග‍්‍රාම සංවර්ධන සමිතිය, වැඩිහිටි සමිතිය, නිල් දිය ප‍්‍රජා මූල සංවිධානය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෝ දායකත්වය සැපයූහ.