(ඩයනා උදයංගනී)
විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
දිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදුන්f බව කී ඇමතිවරයා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය හදුන්වා දෙන බව ද කීවේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම්කීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ ගත ශ්‍රමිකයින්ට මේ සඳහා විදෙස් මුදල් ඒකකවලින් වාරික ගෙවීමට අවස්ථාව ලැබෙන අතර කිසියම් ශ්‍රමිකයකු දායක්තව මුදල් ගෙවමින් සිටියදී මිය ගියහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වාරික මුදල ගෙවා ප්‍රතිලාභ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමට කටයුතු කරන බව ඇමතිවරයා කීය.
රුපියල් 20,000 සිට රුපියල් 1,00,000 දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙහිදී විදේශ ගත ශ්‍රමිකයින්ට අවස්ථාව හිමි වේ.