විදෙස් ශ්‍රමිකයනට සහන ඉල්ලා සමිති වීදි බසිති


ඉතාලියේ ජීවත්වන විදේශිකයනට එරට රජයෙන් දිනා ගැනීමට අවශ්‍ය අයිතීන් ලබා ගැනීමට සහයෝගය පිණිස එරට කුබී වෘත්තිය සමිති සංගමය මිලානෝ නුවර දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉතාලියට සම්පතක් වන විදෙස් ශ්‍රමිකයන් වාස බලපත්‍රය අලුත් කර ගැනීමේ බද්ධ සියයට 80කින් ඉහළ දැමීම අසාධාරණ බව එම සමිතිය කියයි. ඉතාලිය ආර්ථික පසුබෑම නිසා  සියයට 31කට රැකියා  අහිමිවීම නිසා එය බෙහෙවින් බලපායි.  එම  නිසා කඩිනමින් සහන සළසන ලෙස ද ඉතාලියේ දී උපදින සංක්‍රමණික දරුවන්ට උපන්දා සිටම පුරවැසිකම හිමිකර දෙන ලෙස ද වෘතිතිය සමිති දන්වා සිටී. ඒ අයිතිය දැන් හිමිවනුයේ වයස අවුරුදු 18 සපිරීමෙන් පසුවයි.