විදෙස් ගත වීමට ආ බැසිල්ට විරෝධයක්


(ටී.කේ.ජී.කපිල)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ , කටුනායක ගුවන් තොටුපළ තුළ සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ විරෝධතාවක් නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාරතා වෙයි.

මේ බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකරු ද තහවුරු කළේය .

අද  අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එහිදී " සේද මාවත " (Silk Route ) අසළ එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැදී සිටි ගුවන් මගීන් , බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් බැහැර කරන ලෙස ඉල්ලමින් කෑ ගැසීමත් සමගම ඔහු ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ .