විදුහල්පතිට පහර දුන්නැයි තුනක් අත්අඩංගුවට


මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ විදුහල්පතිවරයාට පහරදුන්නැයි සැකපිට තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි. සඳුදා (5) පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. සිසුවියකට තරවටු කළැයි විදුහල්පතිට පහරදී ඇති බව කියති. සිසුවියද රෝහල් ගත කර ඇත.