විදුහල්පති සේවා නීති කඩයි


පාසල්වල ජ්‍යෙෂ්ඨ ගුරුවරු සිටියදී දේශපාලන හිතවත්කම් මත වැඩබැලූ ගුරු සේවයේ නිලධාරීන්  සේවා ව්‍යවස්ථාවට පිටින් විදුහල්පති සේවයට බඳවා ගැනීමට යතියි ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් හයක් චෝදනා කරති. අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ 2000/34 චක්‍රලේඛයට අනුවද වැඩබලන විදුහල්පතිවරු පත් කළ නොහැකි තත්ත්වයක, අධ්‍යාපන අමාත්‍යංශය වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කිරීමට සැප්තැම්බර් 27 සමූඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව ද, එලෙස සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෘත්තීය සමිති හය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.