විදුහල්පති නාන තටාකයට බස්වයි


හෝමාගමට නොදුරු පාසලක විදුහල්පති හා ගුරුවරුන් දෙදෙනකුගේත් ගුරුවරියන් දෙදෙනකුගේත් හිසට නිරුවත් පින්තූර බද්ධ කැර නාන තටාකයක සිටින අයුරින් පේස් බුක් වෙබ් අඩවියට නිකුත් කළැයි කියන ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට බාරදී ඇත. පාසලේ උත්සවයකදී ගත් ඡායාරූප යොදාගෙන ඔහු මේ ක‍්‍රියාව කැර ඇතැයි කියනුයේ පාසල් දැරියකට ඔහු කළැයි කියන අනිසි යෝජනාවක් සම්බන්ධයෙන් අවවාද කිරීම නිසා බව පෙනේ යැයි පොලිසිය කියයි.