විදුහල්පති - ගුරු සංගම් වර්ජනය අත්හිටුවයි


(රංජන් කස්තුරි)

ගුරු - විදුහල්පති සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින පහේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගම් සඳහන් කරයි.

ඒ අනුව මේ මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබූ එම වර්ජනය නොපැවැත්වෙන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ජෝසප් ස්ටාලින් මහතා කීය.

ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා විසඳීමට යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබෙන හෙයින් හා ගුරු හා විදුහල්පති සේවයට සාධාරණ වැටුප් කාලයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙන හෙයින් වර්ජනය අත්හිටවූ බවද ස්ටාලින් මහතා පැවසීය.