විදුලිය ජනනයට රුපියල් කෝටි 3800 ක්


(රංජන් කස්තුරි)

පවතින දැඩි නියං කාළගුණ තත්ත්වය නිමවන තුරු ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3800ක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන බලා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ වන විට විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම 38% මට්ටමට පහත වැටී ඇතැයි ද ඩීසල් බලාගාරවලින් සිදුකරන විදුලි ජනනය 80% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඇමතිවරයා කියයි.

කෙතරම් අමතර වියදමක් දැරුවද අඛණ්ඩව විදුලිය ලබාදීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කළ බවද ඒ මහතා පවසයි.