සුරේෂ් කේ පෙරේරා
වැටුප් විෂමතා ඉවත් කර ගැනීම හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැදවා තිබූ සමුළුවක දී අද උණුසුම් තත්ත්වයක් ඇති විය.
මෙම සමුළුව පැවැතියේ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ය.
සමුළුවේදී සාමාජිකයන්ගේ අනුමැතිය ලබා ගැනීම සදහා ලංකා විදුලි බල සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා යෝජනාවලියක් ඉදිරිපත් කළේය. එය අනුමත කිරීම සදහා සාමාජිකයන් අත එසවීය. ඒ සමගම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවත් හැකි ඉක්මණින් වැඩ වර්ජනයක් කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජිකයෙක් වන ඩී එන් ආර් ගාමිණී මහතා ඇතුළු පිරිසක් අදහස් දක්වන්නට වූහ.
ඒ සමගම සමුළුවේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වූ අතර ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් එය සමථ කර ගනු ලැබීය.

