(යොහාන් භාසුර)
පැය 3 ක විදුලි කප්පාදුව හෙට (30) සිට පැය 2 යි මිනිත්තු 20 ක් දක්වා අඩුකළ බවත් එම විදුලි කප්පාදුව ලබන සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

