විදුලි උපාංග ව්‍යාපාරිකගේ හොරේ මල්ලෙන් එළියට


රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් සහ සිංගප්පූරු ඩොලර් මුදල් නෝට්ටු තොගයක් තම ලැප්ටොප් බෑගයේ සඟවාගෙන සිංගප්පූරුවට යාමට ආ විදුලි උපාංග ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි. අත්අඩංගුවට ගත් සිංගප්පූරු ජාතිකයා පසුගිය හතර වැනිදා ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු සිදු කර ඇත. රේගු අධිකාරී එස් ඒ එස් පී සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ කේ ආර් සමන්ජිත්, අමල් අබේවීර, උපුල් ඉන්ද්‍රජිත්, නුවන් අබේනායක, චරිතා හෙට්ටිගොඩ, හරේන්ද්‍ර ලියනගම, රුචිර කරුණාතිලක සහ නිශාන්ත ජයසිංහ යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දීපාල් සිරිබද්දන මහතා රේගු පරීන්ක්ෂණය සිදු කළේය.