විද්‍යාලෝක සිසුහු දිසාපාමොක්ට ගසති


ගාල්ල විද්‍යාලෝක නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගෙන සුළු වේලාවකින් සිසුන්ගේ පහරකෑමට ලක්ව මින් මද වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාසලෙන් ඉවත්කරගෙන යනු ලැබූහ. සිසුන් උඩුමහලේ පන්තිකාමර වල සිට ගල්මුල් පොලු කෑලි හා වතුර පිරවූ සිලි සිලි බෑග් වලින් විදුහල්පතිට ගැසූහ. විදුහල්පති ගාල්ල පොලීසියේ සිටිතැයි ද පොලීසිය කියයි. තුවාල ලැබූ බව කියන සිසුහු සිව්දෙනෙක් ද ගුරුවරයකු ද රෝහලට  ඇතුලත්ව සිටිති. පාසලට පොලිස් මුර යොදා ඇත. සිසුවෙක් විදුහල්පතිට පහරදීමට ගලක් රැගෙන යන ආකාරය   තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහලට ගෙනයමින්   විදුහල්පති විදුහලට පැමිණි අයුරු දෙමාපියන් විදුහල්පතිගේ රියට හරස් කපමින් විදුහල්පති වැඩ භාර ගැනීමට පෙර ආගමික වතාවත් සිදුකරමින් විදුහල්පතිවරයා වැඩ භාරගත් ආකාරය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු විදුහල්පති කාර්යාලයට පැමණ සාකච්ඡා කරන ආකාරය විද්‍යාලෝක විදුහල ඉදිරිපිට දෙමාපියන් සහ පොලිස් නිලධාරන්