විටෝරිට ශ්‍රී ලංකා සංචාරය අහිමිවෙයි


නවසීලන්ත පිලේ හිටපු නායක සහ දඟ පන්දු යවන ක‍්‍රීඩක ඩැනියල් විටෝරි ආබාධයකට ලක්වීමෙන් ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාදයේ වළලූකර ආබාධයකට විටෝරි ලක් වු අතර ඔහු ඉන් සම්පුර්ණ සුවය නොලැබීම තරග සංචාරය අහිමිවීමට හේතුව වේ. පා දඟපන්දු යවන ටොඞ් ඇස්ට්ලේ ටෙස්ට් සංචිතයට එක්ව සිටියි. පළමු පෙළ තරග 55 කට සහභාගිවී කඩුලූ 127 ක් ලබා සිටින 26 හැවිරිදි ටොඞ්, ටෙස්ට් වරම් හිමිකර ගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවන ක‍්‍රීඩකයෙකි. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ ටෙස්ට් ක‍්‍රිකට් තරගමාලාව මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භවේ. දෙරට අතර පැවැත්වෙන තරගමාලාවට එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ද ඇතුළත්ය. නවසීලන්ත ටෙස්ට් සංචිතය: රෝස් ටේලර් (නායක), මාටින් ගප්ටිල්, රොබ් නිකොල්, ඩැනියල් ෆ්ලයින්, බ්‍රෙන්ඩන් මැකලම්, කේන් විලියම්සන්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, කෘගර් වෑන් වික්්, ඩග් බ‍්‍රාස්වෙල්, ටිම් සවුති, ටොඞ් ඇස්ට්ලේ, නිල් වැග්නර්, ටෙ‍්‍රන්ට් බොල්ට්, ජීතන් පටෙල් සහ ක‍්‍රිස් මාටින් නවසීලන්ත එක්දින සහ විස්සයි20 සංචිතය: රෝස් ටේලර් (නායක), රොබ් නිකොල්, බ්‍රෙන්ඩන් මැකලම්, කේන් විලියම්සන්, බී.ජේ. චැට්ලින්ග්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, ජෙකොබ්  ඕරම්, ටොම් ලේතම්, නේදන් මැකලම්, ඇන්ඩෘ ඉල්ස්, කයිල් මිල්ස්, ටිම් සවුති, ටෙ‍්‍රන්ට් බෝල්ට්, රොනී හිරා සහ ඇඩම් මිල්නි