අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද(21) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනවාක් ද සම්මත වූ අතර මේ හේතුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ එජාප මන්ත්‍රීවරු ඔහු සම්බන්ධ තීරණයක් ගනු ඇතැයි පක්ෂ ආරංචි වාර්තා කරයි.

