විජයදාස රාජපක්ෂ ඉවත් කරන්න යයි



අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
 
විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට දී තිබූ කාලය අදින් අවසන් වූ බවත් අද රාත්‍රී පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් ඒ ගැන අගමැතිවරයාගේ අවධානයට යොමු කළ බවත් දැනගන්නට ඇත.
 
මේ රජයේ අධිකරණ ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරයක් බැවින් එම අමාත්‍ය ධුරය එජාපයේ වෙනත් පුද්ගලයකුට දීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
 
මේ වට විට ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්න මහතාගේ නමත්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතිළු පිරසකගේ නමුත් යෝජනා වී තිබේ.
 
විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට එකඟත්වය පළ කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
 
ඒ අනුව හෙට දිනය තුළ බොහෝ දුරට විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
 
විජයදාස රාජපක්ෂ මහතාට වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙතෙක් ස්ථිර තීන්දුවක් ගෙන නොමැත.
 
044