ආසන තිස් අටෙන් ආසන තිහක් දිනා ගනිමින් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ප්‍රථම පළාත් සභා ඡන්දයෙන් හතරෙන් තුනකටත් වැඩි බලයක් ලබා ගත්තේය. මහ ඇමැති අපේක්ෂක හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සී විග්නේෂ්වරන් මහතා ඡන්දයේදී පැවසුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් උතුරේ ආණ්ඩුකාරවරයා ද වෙනස් කිරීමට හැකි බවයි.
උතුරේ දෙමළ ජාතික සන්ධානය 353595ක් (78.48) හා ආසන 30කි. සන්ධානය ඡන්ද 82838 (18.38) කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 6761 (1.50)කි.
සිව්වැනි තැනට පත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3062කි. ආසනයක් නැත. ජනතා විමුක්ති පෙරමුනට උතුරෙන් ලැබී ඇත්තේ ඡන්ද 288 (0.06) කි. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඡන්ද 170 (0.04) කි. මුස්ලිම් විමුක්ති පෙරමුණට ලැබී ඇති ඡන්ද සංඛයාව තුනකි. ප්‍රතික්ෂේප ඡන්ද 35239කි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 719477කි. ඡන්දය දුන් මුළු ගණන 485813කි.