විකට් කූර කැඩෙන තුරු තරුණයාට ගසයි
දැරනියගල ප්‍රාදේශීය සභාවේ හිටපු දේශපාලනඥයකු තරුණයකු ත්‍රිරොද රියන් බලෙන් බස්නාගල නගරයට ගෙනගොස් මිනිසුන් බලා සිටියදී විකට් පොල්ලක් දෙකට තුනට කැඩෙනතුරු පහරදී ඇතැයි දැරණියගල පොලිසියට පැමිණිලිකැර ඇත. පහරදුන් බව කියන තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ සිටිති. පහර කෑ තරුණයා දැරණියගල රෝහලෙන් අවිස්සාවේල්ල රෝහලට මාරුකරනු ලැබීය.

