වැහි වතුරට එරෙහිව ගමක් පාරට බහියි


රත්ගම ගම්මැද්දගොඩ ගම්මානය වැසි ජලයෙන් නිතර නිතර යටවීමට විසඳුම් ඉල්ලා ගැමියෝ ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරඹූහ. ගැමියන් පවසන්නේ දිනපතා සුළු වැස්සකට පවා තම නිවාස යටවන බවයි. බදාදා රාත්‍රී වැටුණු වැස්සෙන් ද නිවාස රැසක් ජලයෙන් යටවිය. උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පොලීසිය කාණුවක් කපා ජලය බැසයාමට සැළැස්වීමට අවශ්‍ය උපදෙස් දීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කෙරිණි.