වැසිකිළි වළ පොලිස් කූඩුවට පාර කපයි


ගල්ගමුව මීගලෑව ගනන්ගමුවේ  නිවසක් ඉදිරිපිට වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිධානයක් ගැනීමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් අනුර මල් කුමාර (28) සමන් කුමාර (32) හා සුරංග මාරසිංහ (28) ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගල්ගමුවව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අද (26) නියෝග කළේය.

ගල්ගමුව පොලීසිය මොවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.