(ජයන්ත සමරකෝන්,නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධානාගාරයේ රිමාන්ඩ් බාරයේ සිටි රැඳවියෙක් අසනීප තත්වයක් හේතුවෙන් අද (8) කොළඹ ජාතික රෝහලේ 20 වාට්ටුවට ඇතුළත් කැරිණි.
සැකකරු ඇඳේ දම් වැලකින් බැඳ තිබු බවත් ඔහුට ශාරිරික අපහසුතාවයක් ඇති බවත් පවසා වැසිකිලියට රැගෙන යන ලෙස අදාල බන්ධනාගාර නිලධාරියාගෙන් ඉල්ලා සිට ඇති අතර ඒ අනුව වැසිකිලියට ගිය සැකකරු නැවත නැවත නොපැමිණීම නිසා සොයා බලද්දී වැසිකිලියේ බටයක් අසලින් ගඩොල් ඉවත් කර ඒ තුළින් පළා ගොස් ඇති බව හෙළි වී ඇත.
සැකකරු ප්‍රියන්ත ජයමහ නැමැති වාරියපොළ පදිංචි පුද්ගලයෙකි.
මහාධිකරණයේ විභාග වෙමින් පැවති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් තමන් මිය ගිය බව සඳහන් කරමින් වෙනත් අයකුගේ ව්‍යාජ මරණ සහතිකයක් ලබාදීමේ චෝදනා ලැබ සිටි අයෙකි.

