වැස්සට පාර කැඩේ


(නිශාන්ත කුමාර - බදුල්ලේ සිට) - බදුල්ල කන්දකැටිය පාරේ බදුලු ඔය හරහා පාලම ඉදිකෙරෙන වැඩ බිමේ හැරැවුම වැලි කොට්ට ද සමග මහා වැස්සෙන් සේදී ගියේය. ඒ සමග වාහන ගමනාගමනයට තිබු කෙටි පාරද අහිමි විය. දැන් කන්දකැටියට යන වාහන රන්දෙණිගල මාර්ගයෙන් මහා කැලේ අතුරු මාර්ගයෙන් හරවා යවන බව කන්දකැටිය පොලිසිය කියයි.