වැස්ස තවත් වැඩිවන ලකුණු


දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා  වැසි තත්ත්වය තවදුරටත් වැඩිවේ යැයි  කාලගුණ අනාවැකි සඳහන් කරයි.
 

විශේෂයෙන් නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය  අද රාත්‍රී සිට  තව දුරටත් වැඩි වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
 
දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත  වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
 
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල,පොළොන්නරුව, බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකිය. බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
 
අනුරාධපුරය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150)පමණ තද වර්ෂාපතනයන්ඇති විය හැකි අතර , කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ හම්බන්තොටදිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
 
එමෙන්ම  වයඹ,උතුර සහ උතුරු-මැද පලාත්වල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ  විටින් විට  පැයට කිලෝමීටර් 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකිය.
 
ගිගුරුම් සහිත වැසි සමඟ  ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.