වැලිවේරිය නගරයේදී පාසල් සිසුවකු වෙඩි වැදී මියයම සහ තවත් 30 දෙනකුට පමණ තුවාල වීම ගැන පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පති අනින් කොළඹ අපරාධ කොට්ටාසයට පවරා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් පනස් දෙනකුට අධික පිරිසකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒ පිරිස අතර රෝහල් ගතව සිටින තුවාල කරුවන් සහ මාධ්‍යවේදීන් ද සිටින බව පොලිසිය කියයි.